ඊශ්‍රායල හමුදා ප්‍රහාරයෙන් 17 ක් මරුට



ගාසා තීරයේ පැවැති විරෝධතාවකට ඊශ්‍රායල හමුදාව විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පරික්ෂණවලට විරෝධය පල කරමින් ගාසා තීරයේ විරෝධතාවල නිරත වූ පලස්තීනුවන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම විරෝධිතාව සදහා ඊශ්‍රායල හමුදාව විසින් කදුලු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වෙයි.

ගාසා තීරයේ පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට පලස්තීනුවන් 260 කට වැඩි පිරිසක් මියගොස් තවත් පුද්ගලයින් 26,000ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස්


RECOMMEND POSTS