කයිරෝ නුවර බෝම්බයක්



ජිප්තුවේ කයිරෝ අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට නුදුරින් පිපිරීමක් සිදුවුණු බවත්, එය මරාගෙන මැරෙන බෝම්බයක් බවත් ඊජිප්තු මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බකරු පුපුරන ද්‍රව්‍ය අටවා ගත් ගමන් බෑගයක් රැගෙන විත් එය පුපුරුවා හැර ඇති බව පැවැසෙයි. ප‍්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැති බව ඊජිප්තු රජය පවසයි. ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

රොයිටර්


RECOMMEND POSTS