රියාල් 270,000 ක විදුලි බිලක්



සෞදි අරාබියේ මක්කම නුවර පිහිටා ඇති ඇඩම් ආණ්ඩුකාර ප්‍රදේශයේ ජීවත්වන සෞදි ජාතිකයෙකු වන අබ්දුල්රාසාක් අයේෂ් අල්-ඕමාර්ට සෞදි රියාල් 270,000ක් විදුලි බිලක් ලැබීමෙන් පසු කම්පනයට පත් වී ඇති බව අක්බාර් 24 වෙබ් අඩවිය වාර්තා කළේය.

මාස දෙක හමාරක (මැයි 15 දින සිට ජුලි 31 දක්වා) කාල සීමාවක් සඳහා සෞදි රියාල් 268,962කවිදුලි බලය පාරිභෝජනය කර ඇති බව විදුලි බිලේ සටහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි වල පළ කිරීමෙන් පසු විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති බව වාර්තා වේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS