එයාර් ඇරේබියා ගුවන් සේවය 26%ක ශුද්ධ ලාභයක් ලබයි.



එයාර් ඇරේබියා ගුවන් සේවයේ  තුන්වන කාර්තුවේ ශුද්ධ ලාභය 26%කින් ඉහල ගොස් ඇති බවත් මීට පෙර කාර්තුවලදී ශුද්ධ ලාභය පහළ යමින් පැවැති බව එම ගුවන් සේවය වාර්තා කළේය. තුන්වන කාර්තුවේදි ශුද්ධ ලාභය ඩිරාම් මිලියන 297ක් වේ. මෙය සැප්තැම්බර් 30දායින් අවසන් වන තුන්වන කාර්තුවට අදාල ශුද්ධ ලාභය වේ.

2015 වර්ෂය හා සසදන විට එය ඩිරාම් මිලියන 235ක් වේ.

ඊ.එෆ්.ජී හර්මිස් සහ සිකෝ බහරේන් ආයතන විසින් අනාවැකි පලකර තිබුනේ තුන්වන කාර්කුව වන විට ගුවන් සේවය ඩිරාන් මිලියන 294.5ක සහ ඩිරාන් බිලියන 209.4ක ශුද්ධ ලාභයක් ලබනු ඇති බවයි.

ආරාබියානු ගුවන් සේවය මගින් තුන්වන කාර්තුවේදි ගුවන් මගීන් මිලියන 2.27ක් තම ගුවන් යානා මගින් ප්‍රවාහනය කර ඇත. මෙය 14%ක වර්ධනයකි.


RECOMMEND POSTS