චීනයට යනවා නම් කල්පනාවෙන්



චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

මේ දිනවල චීනයේ පැතිර යන කොරොනා වෛරසය හේතුවෙන් මෙම විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටින්නේ චීනයේ සංචාරය කිරීමේදී පොදු ස්ථානවල ගැවසෙන්නේ නම් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙසයි.

චීනයේ සංචාරක තහනමක් පනවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රජයට දැනුම් දී නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.


චීනයේ පැතිරයන කොරොනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව නිල සංඛ්‍යා ලේඛන ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතනවලට උපදෙස් දෙන ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි ගෝලීය බෝවෙන රෝග විශ්ලේශනය පිළිබඳ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත උපුටා දක්වමින් බිබිසි ‍ලෝක සේවය මේ බව අනාවරණය කළේය.

එම වාර්තා පෙන්වා දෙන්නේ රසායනාගාර මට්ටමින් තහවුරු වූ දත්ත අනුව මෙම වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 41 ක් ලෙස සඳහන් වුවත් නිල නොවන දත්ත අනුව එම සංඛාව 1700 ක් පමණ විය හැකි බවයි.

මෙ වන විට කොරොනා වෛරසය වැළඳීමෙන් චීනයේ වුහාන් නගරයේ රෝගීන් දෙදෙනකු මියගොස් ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන සඳහන් කළේ, තායිවානය සහ නේපාලය ආශ්‍රිතව මෙම වෛරසය පැතිර යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS