කෝවිඞ් පරදන මැලේරියා බෙහෙත



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව මැලේරියාවට ලබා දෙන ක්ලෝරෝක්වීනීන් ඖෂධය ලබා දීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමි වී ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේය.

ජනපතිවරයා මේ බව පැවැසුවේ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය. මැලේරියා පරදන මෙම ඔසුව නිපදවා ඇත්තේ අද ඊයේ නොව වසර 80 කට පෙරය. එදා සිට මේ දක්වා මෙම බෙහෙත මැලේසිරා රෝගීන්ට ලබා දී ඇත්තේ මැලේරියාව සාර්ථක ලෙස මර්දනය කිරීමටය.

ක්ලෝරෝක්වීනීන් ඖෂධය කොරෝනා වයිරසයට සුදුසු ඔසුවක් ලෙස ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය කිසිවිටෙකවත් අනුමැතිය දී නැත.

කෙසේ නමුත් ඇමෙරිකන් වෛද්‍යවරුන් පමණක් නොව ඇමෙරිකන් වෛද්‍ය මණ්ඩලය ද පිළිගෙන ඇත්තේ කොරෝනා වයිරසයට එරෙහිව ක්ලෝරෝක්වීනීන් ඖෂධය සාර්ථක වී ඇති බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS