අබිරහස් නියුමෝනියා වසංගතයක්



කසක්ස්තානයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද නියුමෝනියා වසංගත තත්ත්වයක් ද පැතිර යමින් පවතින බවත්, වෛද්‍ය පරීක්ෂණවලදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බවට තහවුරු වූ එම නියුමෝනියා රෝගීන් සම්බන්ධයෙන් අබිරහසක් පවතින බවත් වාර්තා වේ.

කසක්ස්තාන සෞඛ්‍ය බලධාරීන් අනුමාන කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණවලදී ‘කොවිඩ් 19’ ආසාදිතයන් යැයි තහවුරු නොවුණ ද මෙම නියුමෝනියා රෝගීන් ද ‘කොවිඩ් 19’ ආසාදිතයන් විය හැකි බවය. ඒ අනුව, ඔවුන්ට ප්‍රතිකාර කිරීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින බව වාර්තා වේ.

‘කොවිඩ් 19’ වයිරසයේ සංකූලතා තත්ත්වයක් වන්නේ නියුමෝනියා හෙවත් පෙනහළු ආසාදනය වීමය. බොහෝ දෙනකු මියයන්නේ නියුමෝනියාවෙනි. චීනයෙන් ආරම්භ වී ගෝලීය වසංගතයක් බවට පත් වුණු ‘කොවිඩ් 19’ වයිරසය හේතුවෙන් මේ වනවිට මිලියන 12.6 ක පිරිසක් ආසාදිතයන් බවට පත්වී සිටිනවා යැයි වාර්තා වේ. වයිරසය ආසාදනය වී මියගිය ගණන 5,62,000 ඉක්මවා ගොස් තිබේ. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන මිලියන 6.96 කි.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS