පොලිසියේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්



එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් තමන් මැලේසියානු පොලිසිය සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, එම අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කළ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් පවසයි.

මැලේසියා පොලිසිය පසුගිය 10 වැනිදා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ යැයි සැකපිට 7 දෙනෙකු අත්අඩංගුවට ගත්තේයත ඔවුන් අතර දේශපාලනඥයෝ දෙදෙනෙක් ද වෙති.

පසුගිය 14 වැනිදා තවත් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගැනීම සිදුවිය. එම පිරිස අතර ගුරුවරයෙක් ද සිටී. මෙම පිරිස මැලේසියාවේ එල්ටීටීඊ සංවිධානය යළි ස්ථාපිත කිරීමට උත්සාහ ගත් බව මැලේසියා පොලිසිය පැහැදිලි කර තිබේ.

(මැලේසියා පුවත් සේවා)


RECOMMEND POSTS