පොලිස් නිලධාරියා සොයා මෙහෙයුමක්



වෙනිසියුලා රජයට විරෝධය දක්වමින්, කැරැලිකරුවන් මෙහෙයවූ පොලිස් නිලධාරී ඔස්කාර් පෙරේස් සොයා, ඔහු පදිංචිව සිටි නිවසක් වැටැලීමට වෙනිසියුලා රජය හමුදාව මෙහෙයවීය.

හමුදාව විසින් වටලනු ලැබුවේ කැරැකස් අගනුවරට නුදුරින් පිහිටි ජුන්ක්විටෝ පළාතේ නගරයකි. වෙනිසියුලා රජය නිවේදනය කළේ එහිදී, ‘ත්‍රස්තවාදීන්’ සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුමක් පැවැති බවය.

වෙනිසියුලා රජය කලහකාරී විරෝධතාකරුවන් හඳුන්වන්නේ ‘ත්‍රස්තවාදීන්’ යනුවෙනි. ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයෙන් මියගිය ‘ත්‍රස්තවාදීන්’ ගණන 5 කි. ඔවුන් අතර ඔස්කාර් පෙරේස් සිටින බව වාර්තා වී නැත.

පසුගිය වසරේ පොලිස් හෙලිකොප්ටරයක් පැහැර ගනිමින්, වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් රජයට විරෝධය දැක්වූයේ ද ඔස්කාර් පෙරේස්ය.

(රොයිටර්)


RECOMMEND POSTS