මෝදි පුටින් හමුවෙති



කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර පැවැත්වෙන ෂැග්හායි සහයෝගීතා සමුළුවට සහභාගීවීමට ගොස් සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ද පැවැත්විණි.

මෙම හමුව පැවැත්වූයේ සමුළුවට පෙරය. මෝදි පුටින් හමුවූයේ ඔහු තදින් වැළඳගෙන සුබ පතමිනි. එය ජාත්‍යන්තර මාධ්‍යවල වැඩි කතාබහට ලක්විය.

ඉන්දියාව සහ රුසියාව අතර පවතින ශක්තිමත් මිතුදන් තවත් ශක්තිමත් කර ගැනීමටත්, වෙළෙඳ කටයුතු සම්බන්ධයෙනුත් ඉන්දීය සහ රුසියානු නායකයන්ගේ අවධානයට ලක් විය.

ඊට අමතරව ආසියානු කලාපයට තර්ජනයක් වී ඇති ඉස්ලාමීය අන්තවාදයත් ත්‍රස්තවාදයත් සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අ​තරේ පමණක් නොව, ෂැංග්හායි සහයෝගීතා සමුළුවේදීත් සාකච්ඡාවට බඳුන් විය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS