මදුරෝට පක්ෂව මහා ජන රැළියක්



වෙනිසියුලා ජනාධිපති නිලකස් මදුරෝට පක්ෂව, මහා ජන රැළියක් කැරැකස් අගනුවරදී පැවැත්විණි.

මදුරෝ පාක්ෂිකයන් මෙසේ වීදි බැස ජන රැළියක් පැවැත්වූයේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පිළිගත් අන්තර්වාර ජනාධිපති විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝට විරෝධය පළ කරමින්ය.

වෙනිසියුලාව ලතින් ඇමෙරිකානු රටකි. සෙසු ලතින් ඇමෙරිකා රටවල් කිහිපයක් සහ ඇමෙරිකාව සහාය දක්වන්නේ විපක්ෂය විසින් නම් කළ අන්තර්වාර ජනාධිපති ගුඅයිඩෝටය.

චීනය, රුසියාව සහ තුර්කිය ඇතුළු රටවල සහාය දක්වන්නේ ජනාධිපති මදුරෝ සහ ඔහුගේ රජයටය. වෙනිසියුලාවේ නීත්‍යාණුකූල නායකයා මදුරෝ බව එම රටවල් කියා සිටී.

කැරැකස්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS