මත්පෙති මිලියන 3 වඩා අල්ලයි



සෞදි අරාබියට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සහ කළ විශාල මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

සෞදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රහසිගතව සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එළවළු තොගයක් රැගෙන යමින් තිබු ට්‍රක් රථයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පරීක්ෂා කල අවස්ථාවේදී ට්‍රක්රථය තුල තිබී ඇම්ෆෙටමින් පෙති මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්පෙති ජාවාරමට සම්බන්ධ සියළුම සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත්, දෙදෙනෙක් සිරියානු ජාතිකයන් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මධ්‍ය ප්‍රකාශක, කපිතාන් මොහොමඩ් බින් කාලිඩ් අල් නුජෙයිඩි පැවසීය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS