ප්‍රංශ ජනාධිපති ඉන්දියාවට එනවා



ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ප්‍රංශ ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවනු ඇතැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

පසුගිය දා කැනඩා අගමැති ජන්ටින් ටෘඩෝ සත් දින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය. එම සංචාරයේ දී, ඉන්දීය අගමැති මෝදි කැනඩා අගමැති හමුවූයේ සංචාරයේ අවසන් දිනයේදීය.

කැනඩා අගමැති ටෘඩෝ මෙන් නොව, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ මෝදි අතරේ පවතින්නේ සමීප සබඳතාවකි. ප්‍රංශය සමඟ නව ගිවිසුම් රැසක් ඇතිකර ගැනීමට අගමැති මෝදි සූදානමින් සිටී.

එහෙයින්, කැනඩා අගමැති ටෘඩෝ මෙන් නොව, අගමැති මෝදි ප්‍රංශ ජනාධිපති මැක්රොන් සමඟ වැඩි කාලයක් ගත කරනු ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS