ජනපති ට්‍රම්ප් ජාතිය අමතයි



ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් පසු, පරාජය පිළි ගැනීම ප්‍රතික්ෂේප කරන රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතුවේය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් අදහස් දැක්වීමක් නොකළ අතර, ඔහුගේ වැඩි අවධානයක් යොමු වූයේ ඇමෙරිකාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය කෙරෙහිය.

බයිඩන් පරිපාලනයක් යටතේ ඇමෙරිකාව ලොක්ඩවුන් වනු ඇති බවත්, තමන් කිසිම අවස්ථාවක රට ලොක්ඩවුන් කරමින් ජනතාව අසීරු තත්ත්වයකට පත් නොකරන බවත් ට්‍රම්ප් පැහැදිලි කළේය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයේ ජය හෝ පැරදුම හෝ කාලය විසින් තීරණ කරනු ඇතැයි ට්‍රම්ප් පැවැසුවේය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට සහාය පළ කරන ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් කෙළින් නොකියා පරාජය බාරගත් බවය. ජනාධිපතිවරණයෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින්, ජාතය ඇමැතීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

පසුගිය පැය 24 ඇතුළත පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 81,206 කි. මරණ වාර්තා වූයේ 1,393 ක් ලෙසය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS