කොන්දේසි විරහිත සාකච්ඡා



දකුණු කොරියාවේ පැවැති සීත ඔලිම්පික් උළෙල සමාප්තියේදී ඊට සහභාගී වුණු උතුරු කොරියානු නියෝජිතයන් දකුණු කොරියානු රජයට පවසා ඇත්තේ දෙරට අතර පවතින අර්බුදය විසඳා ගැනීමට කොන්දේසි විරහිත සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවය.

දෙරට අතර එසේ සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීම යැයි ඇමෙරිකාව පෙන්වා දී තිබේ.

එසේ කිරීමට උතුරු කොරියාවේ කැමැත්ත පළ වී ඇති බවත්, ඉදිරියේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාම කතා ඇරැඹෙනු ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS