හමාස් සටන් විරාමයට ඊශ්‍රායල අගමැති කැමති නෑ



සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එකපයින් ප්‍රතික්ෂේප කළේය.

ඒ, සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දුර්වල වී සිටින බවත්, මාස කිහිපයක් අතුළත හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා ගාසා තීරයේ ජය තහවුරු කිරීමට හැකිවන බවත්ය.

සටන් විරාමයක් සහ නව සාම සැලැස්මක් ක්‍රියාත්මක කර, ඊශ්‍රායල හමාස් අර්බුදය අවසන් කිරීමට කටාර් රාජ්‍යය, ඇමෙරිකාව සහ ඊජිප්තුව මැදිහත් වී සිටී.

හමාස් සංවිධානය, සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇත්තේ, ඊශ්‍රායලයට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරමිණි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙද්නායාහු එකපයින් ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම කොන්දේසි මාලාවය.

‘කිසිම කොන්දේසියකට අප යටත් වෙන්නේ නැහැ. හමාස් සංවිධානයේ කෙතාන්දේසි අසාධාරණයි. අවසානයේ ඇත්තේ එක විසඳුමක් පමණයි. හාමස් සංවිධානය මුලිනුපුටා දමන තුරු සටන් නවත්වන්නේ නැහැ. මාස කීපයකින් හමාස් සංවිධානය මුලුමනින්ම පරාජය කළ හැකියි’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටියේය.

‘හමාස් සංවිධානයට ගාසා තීරයේ නිදහසේ සිටින්න ඉඩ හැරියොත්, ඔවුන්දිගින් දිගටම අපට (ඊශ්‍රායලයට) පහර දෙනවා. අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. අවසානයක් දකින්න නම්, කළ යුත්තේ හමාස් සංවිධානය මුලුමනින්ම විනාශ කර දැමීමයි.’ යැයි ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කර තිබේ.


RECOMMEND POSTS