පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි



ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන හමුදාව ඉරානයේ බෙදුම්වාදීන්ගේ කඳවුරු කිහිපයකට පහර දුන්නේය.

පාකිස්තාන හමුදා එල්ල කළ එම ප්‍රති මිසයිල ප්‍රහාරයෙන්, ඉරාන කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරුවෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉරාන විප්ලවීය හමුදාව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පහර දුන්නේ, පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෙදුම්වාදී ‘ජයිෂ් අල් අඩ්ල්’ නමැති ජිහාද් සටන්කාමීන්ගේ කඳවුරු දෙකකටය.

ඉරානය ජයිෂ් අල් අඩ්ල්’ සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි. ඉරාන පාකිස්තාන දේශසීමාවේ ඉරාන සෙබළුන්ට පහර දීම් කරන්නේ මෙම ‘ජයිෂ් අල් අඩ්ල්’ සටන්කාමීන්ය.

ඉරානය සිදු කළ එම මිසයිල ප්‍රහාරය සම්බ්නධයෙන්,  ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන්

පාකිස්තාන රජය, එරට ඉරාන තානාපති කැඳවා ප්‍රශ්න කළ බව ද වාර්තා විය. බලුකිස්තානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන රජය, ඉරානයට දොස්  පැවැරුවේ, ඉරානයට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවය.

පාකිස්තාන හමුදාව ඉරානයේ ඉලක්කවලට පහර දුන්නේ ඉන්පසුවය. ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය සහ පාකිස්තානය අසල්වැසි රටවල්ය.

පාකිස්තාන ඉරානයේ ඉලක්කවලට පහර දී ඇත්තේ, ඉරානයේ ප්‍රහාරයෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීමට තමන්ට සාධාරණ අයිතියක් ඇතැයි පවසමිනි. ඉරානයත් පාකිස්තානයත් අතරේ මිසයිල හුවමාරු වීම සම්ඉන්ධයෙන් ඉන්දීය රජය පවසා ඇත්තේ, එය ඉරාන පාකිස්තාන අර්බුදයක් බවය.

ඉන්දියාව, ත්‍රස්තවාදයට එරෙහිව රාජ්‍යයකි. පාකිස්තානයේ ඉරාන විරෝධී ඉස්ලාමීය ත්‍රස්තවාදීන්  පමණක් නොව, ඉන්දීය විරෝධී ත්‍රස්තවාදීන් ද සිටින බව ඉන්දියාව සිහිපත් කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS