පලස්තීන අගමැති ධුරයෙන් ඉවත් වෙයි



ගාසා තීරයේත්, බටහිර ඉවුරේත් පලස්තීනුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් සහ පලස්තීන පාලන අධිකාරියට අප්‍රසාදය පළ කරමින්, පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමද් ෂට්යේහ් ඉල්ලා අස්විය.

ඊශ්‍රායලය අපරාධ කරද්දී, පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සහ පලස්තීන පාලන අධිකාරිය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටිනවා යැයි චෝදනා නගමින්, පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමද් ෂට්යේහ් සිය ඉල්ලා අස්වීම ජනාධිපති අබ්බාස්ට බාර දී ඇතැයි ද අල් ජසීරා වාර්තා කර තිබේ.

ගාසා තීරයේත් බටහිර ඉවුරේත් තම පලස්තීන වැසියන්ට දිගිනි දිගටම සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් තවත් නිහඬව සිටිය නොහැකි බවත්, ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පලස්තීන පාලන අධිකාරියේ ද වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවත් අග්‍රාමාත්‍ය මොහොමද් ෂට්යේහ් ජනාධිපති අබ්බාස්ගෙන් ඉල්ලා ඇත.


RECOMMEND POSTS