කොංග්‍රසයේ තීරණයට පිටු පා ඊශ්‍රායලයට ආයුධ



ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) තීරණයට පිටුපා, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට දිගින් දිගටම පහර දෙන ඊශ්‍රායලයට අවි ආයුධ විකිණීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය ගෙන තිබේ.

බයිඩන් පරිපාලනය මෙම තීරණය ගෙන ඇත්තේ, ඊශ්‍රායලයට කඩිනමින් යුද ආධාර ලබා දීම අවශ්‍ය බව අවධාරණය කරමිණි. එම ආයුධ ගනුදෙනුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 147.5 ක් බව පැවැසෙයි.

ඊශ්‍රායලයට අවි ආයුධ විකිණීමට බයිඩන් පරිපාලනය ගත් තීරණයට, ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විරුද්ධ වූයේ  බයිඩන් සමඟ පවතින මත ගැටුම් හේතුවනි. ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සතුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS