ඊශ්‍රායලයට නියෝගයක්



ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා ගත හැකි සියලු පියවර ගත යුතු යැයි  ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර තිබේ.

ඊශ්‍රායලයට එරෙහි ව දකුණු අප්‍රිකාව විසින් ගොනු කර තිබුණු සමූල ඝාතන චෝදනා විභාගයට ගත් ජාත්‍යන්තර අධිකරණය මෙසේ නියෝග කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. ගාසා තීරයේ පලස්තීන වැසියන්, 26,000 කට වැඩි පිරිසක් එම ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.


RECOMMEND POSTS