ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර බලන් ඉන්න බෑ



ඊශ්‍රායල හමුදාව, දිගින් දිගටම ගාසා තීරණයට එල්ල කරන ප්‍රහාර තවත් ඉවසිය නොහැකි යැයි ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී මේජර් ජනරාල් හොසේන් සලාමී පවසයි.

ඊශ්‍රායල රජය, ගාසා තීරයට පහර දෙන්නේ පලස්තීන වැසියන්ගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නොකර බවත්, ඊශ්‍රායලයේ අරමුණ දේශපාලනික එකක් බවත් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ඊශ්‍රායල හමුදාව යළිත් වරක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත පහර දෙන්නේ, දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබුණු මානුෂීය සටන් විරාමය අසාර්ථක වී අවසන් වුණු බැවිනි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS