ඉරාන මැතිවරණය: දැඩිමතධාරීන් ඉදිරියට



ඉරාන මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට පටන්ගෙන ඇති අතර, දැඩිමතධාරී දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ඉරාන මැතිවරණය පැවැත්වූයේ පසුගිය සිකුරාදා (1) දිනයේය. ඒ, පහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් 290 දෙනකු සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් 88 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහාය.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකි. ඔහු තෙවැනි වරටත්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ඔහුගේ අසුන ජයග්‍රහණය කළේය.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සම්බාධක මැද, ආර්ථික අර්බුදයකින් ද ඉරානය බැටකයි. මැතිවරණය පැවැත්වූයේ එවැනි වාතාවරණයක් යටතේය. ඉරානයේ ජනගහනය මිලියන 85 කි. එයින් මිලියන 61 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS