දුම්රිය ධාවන කාල සටහන් නිකුත් කරයි



රාජකාරී කටයුතු සඳහා පිටපළාත්වල සිට කොළඹට දුම්රියෙන් පැමිණීමට අපේක්ෂා කරන පිරිස ගතවූ සතියට වඩා වැඩි බැවින් අමතර දුම්රිය ධාවනය සඳහා හෙට (18) සිට යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඒ ඒ මාර්ගයන්හි ධාවනය වීමට නියමිත දුම්රිය කාල සටහන් ද ප්‍රකාශයට පත්කර ඇත.

දුම්රියෙන් ගමන්කිරීම සඳහා අයදුම්කරන ලද මගීන්ට ඔවුන්ට වෙන්කර ඇති දුම්රිය, එහි මැදිරිය හා ආසන අංකය කෙටි පණිවිඩයක් මගින් අද (17) දිනයේ දැනුම් දෙන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි. එමෙන්ම අයදුම් නොකළ මගීන්ට දුම්රියේ ඇති ඉඩකඩ අනුව ටිකට්පත් නිකුත් කිරීම අදාල දුම්රිය ස්ථාවල දී සිදුකිරීමට ද දුම්රිය දෙපාර්ත‍මේන්තුව කටයුතු කර තිබේ.

 


RECOMMEND POSTS