තුර්කි ජනපති හමුවන්න යුක්රේන ජනපති සූදානම්



තුර්කියට ගොස් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ තුර්කි ජනාධිපතිවරයා හමුවීමට සූදානම් වන්නේ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයකු වන්නේ තුර්කියයි. බටහිර රටවල් එක් වී ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය. ‘නේටෝ’ සාමාජිකයකු වීමට නම් යුක්රේනයට තුර්කියේ සහාය අවශ්‍ය වෙයි.

මේ වනවිට රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර තිබෙන්නේ ද යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි රුසියාවේ අදහසය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයවීමක් කළේ ඒ අනුවය.


RECOMMEND POSTS