සුඩානයේ ඊජිප්තු තානාපති නිලධාරීන් ඝාතනය කරලා



සුඩාන හමුදාව සහ බලය අල්ලා ගැනීමට උත්සාහ ගන්නා සුඩාන අතිරේක හමුදා බලඇණි සාමාජිකයන් අතරේ පැවැති අවි ගැටුමකදී, සුඩානයේ සිටි ඊජිප්තු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් ඝාතනය වී ඇතැයි ඊජිප්තු විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම තානාපති නිලධාරීන් ඝාතනය වී ඇත්තේ ඔවුන් ඔවුන්ට අයත් රථවලින් කර්ටෝම් අගනුවර තානාපති කාර්යාලය බලා ගමන් කරද්දීය. එම රථ පෙළ වෙඩි හුවමාරුවකට හසුවුණු බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS