ගුවන් යානයක් තුළ කතුන් ගුටිකෙලියක



කුවේට් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් තුළ කාන්තාවන් දෙදෙනෙක් අතර ගැටුමක් ඇති වී ඇති බව වාර්තා වේ.

කුවේට් ගුවන් සමාගමේ KU414ගුවන්යානය බැංකොක් නුවර සිට කුවේටය බලා පියාසරකමින් තිබියදි ගැටුම ඇති වී ඇති අතර, ප්‍රධාන ගුවන්නියමුවා ගුවන්යානය නැවත බැංකොක් ගුවන්තොටුපොල වෙත පියාසර කිරීමට කටයුතු කර ඇත.

සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මහජන නඩු පැවරීමේ අධිකාරියට භාර දීඇති අතර, ගුවන් යානයක් තුළ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා කාන්තාවන් දෙදෙනාව රඳවා ගෙන ප්‍රශ්න කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS