සෞදි හමුදාව තුර්කියේ අභ්‍යාසයක



සෞදි යුධ හමුදාව තුර්කියේ පැවැත්වෙන යුධ අභ්‍යාසයකට සහභාගි වන බව වාර්තා වේ.

මෙම යුධ අභ්‍යාසයට රටවල් කීහිපයක් සහභාගි වන අතර, විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, වෙනස් පරිසරයන් තුළ ඒකාබද්ධ මෙහෙයුම් සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, සහභාගී වන ඒකකවල සටන් හැකියාවන් ඉහළ නැංවීම මෙන්ම යුධ ශක්තිය ඉහළ නැංවීම, සහභාගී වන රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම මෙම යුධ අභ්‍යාසයේ අරමුණ බව සෞදි සන්නද්ධ හමුදා පුහුණු හා සංවර්ධන අධිකාරියේ ප්‍රධානී මේජර් ජෙනරාල් ඇඩෙල් අල් බලවි ප්‍රකාශ කළේ ය.

යුද හමුදා ඒකක විවිධ වර්ගයේ නවීන අවි භාවිත කරමින් ගොඩබිම් සහ මුහුදේ විශේෂ බළකා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද මේජර් ජෙනරාල් ඇඩෙල් අල් බලවි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS