රොව්හානී සහ ජහන්ගිරි ත්‍රස්තවාදය ගැන කතා කරති



ඉරාන ජනපති ධුර අපේක්ෂකයන් වන වත්මන් ජනපති හසන් රොව්හානි මෙන්ම ජනපති ධුර අපේක්ෂකයකු ලෙස ජනපති සටනට එක් වී සිටින රොව්හානිගේ දෙවැනියා එසක් ජහන්ගිරි මාධ්‍ය හමුවකට එක් වෙමින් ‘ත්‍රස්තවාදය’ සහ ‘සංචාරක කර්මාන්තය’ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.

මොවුන් දෙදෙනාගේ දේශපාලන දැක්ම සමාන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසක් ජහන්ගිරි මේ වනවිට කටයුතු කරන්නේ ඉරානයේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙසයි.

මැදපෙරදිග කලාපය අස්ථාවර කරන ‘ත්‍රස්තවාදයට’ එරෙහිව දැඩි තීන්දු හා තීරණ ගැනීමට යළි ජනපති වුවහොත් තමන් කටයුතු කරනවා යැයි රොව්හානී අවධාරණය කළේය.

ඉරාන සංචාරක කර්මාන්තය දියුණු කිරීමට තමන් අපේක්ෂා කරන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS