දෙවැනි රූපවාහිනී විවාදයත් උණුසුම්
ඉරාන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 6 දෙනා සහභාගී වූ දෙවැනි සජීවී රූපවාහිනී විවාදය අද (5) ආරම්භ විය.
පළමු විවාදය මෙන්ම මෙය ද ඉතා උණුසුම් වුණැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.
මෙම විවාදයේ දී අපේක්ෂකයන් 6 දෙනාගේ වැඩි අවධානය යොමු වූයේ දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති ගැනය. දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කාරණා රැසක් ගැන ද විවාද කෙරුණි.
ඉරාන ජනාධිපතිවරණය ලබන 19 වැනිදා පැවැත්වෙයි. ඒ, ඉරානයේ 12 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාය.
(ප්‍රෙස් ටීවී)