අපේක්ෂකයන්ගේ විවාද ගැනත් විවාද
ඉරාන ජනපතිවරයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් අතරේ පැවැත්වීමට නියමිත රූපවාහිනී විවාද සම්බන්ධයෙන් ද ‘විවාද’ හටගෙන ඇතැයි එරට මැතිවරණ කටයුතු අධීක්ෂණ කමිටුව කියයි.
විවාද සජීවීව පැවැත්වීමට කටයුතු යොදා තිබුණු නමුත් එය එසේ කළ යුතු නැතැයි දේශපාලන පක්ෂ පමණක් නොව අපේක්ෂකයන් අතරේ ද වාද විවාද පවතී.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එම විවාද සජීවීව රූපවාහිනී ඔස්සේ ප්‍රචාරය කරනවා ද නැද්ද යන්න ඉරාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමත්‍යාංශය විසින් තීරණය කරනු ඇතැයි ද මැතිවරණ කටයුතු අධීක්ෂණ කමිටුව නිවේදනය කර තිබේ.
(ප්‍රෙස් ටීවී)