ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙන් සමුගනී



දශක තුනක කාලයක් ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ 82 හැවිරිදි ඇන්තනි කෙනඩි එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට ඇන්තනි කෙනඩි පත් කිරීම සිදුවූයේ 1988 වසරේ දී එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ රොනල්ඞ් රේගන් විසිනි.

ඇන්තනි කෙනඩි ධුර කාලය ලබන ජූලි 31 වැනිදායින් අවසන් වනු ඇති බවත්, ඔහුගේ අඩුව පිරවීමට වත්මන් ජනාධිපතිට සුදුස්සකු නම් කිරීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS