’’එතෙර අපි’’ ක්‍රිකට් තරඟාවලිය



පසුගිය අප්‍රියල් 27 වෙනිදා අබුඩාබි Sheika Zayed එළිමහන් ක්‍රීඩා පිටි හි දී "එතෙර අපි" අබුඩාබි  ශාඛාවේ සංවිධාන ශක්තියෙන් පැවැති "සහෝදරත්වයේ කුසලානය 2018" ක්‍රිකට් තරඟාවලිය සඳහා Dubai , Al Ain ප්‍රාන්ත නියෝජනය කරමින් ප්‍රබල කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් පැවති, සැහැල්ලු පන්ඳු ක්‍රිකට් තරඟාවලිය එක්සත් එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රීලාංකීකයින් අතර සහෝදරත්වය සහ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලදී.

පෙ.ව. 8.00 ට සාම්ප්‍රදායික පොල්තෙල් පහණ දැල්වීමෙන් පසු දෙරටේ අභිමානවත් ජාතික ගීතය වාදනය කිරීමෙන් අනතුරුව එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රීලංකා තානාපති

ගරු S.J. සුලෙයිමාන් මහතා විසින් එවා තිබූ ලිඛිත සුභපැතුම් පණිවිඩය සහ ජනතා විමුක්ති පෙරමුණේ අබුඩාබි කමිටුවේ සුභපැතුම් එක් කරන ලඳී.

මෙරට වෙසෙන ශ්‍රීලාංකීය විශාල පිරිසකට සහෝදරත්වය සහ සහජීවනය පිළිබඳව සජීවී අත්දැකීම් රාශියක් ලබා දෙමින් පැවති මෙම තරඟාවලිය සඳහා AL Fahim ආයතන අනුග්‍රහය දෙක්වන ලදී.

මෙම තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට Ceylon Runners සහ Al Ain Lions කණ්ඩායම් පරදවා අවසාන මහා තරඟයට පැමිණි Dubai Investment Park (DIP) කණ්ඩායම සමත් වූ අතර අනුශූරතාවය දිනා ගැනීමට ප්‍රභල Abu Dhabi Surprise සහ Dubai Ranches ඇතුළු කණ්ඩායම් කීහිපයක් පරාජයට පත්කරමින් අවසාන මහා තරඟයට පැමිණි ප්‍රමාණ සමීක්ෂකයන්ගෙන් (QS)සැදුම්ලත්  පෙරළිකාර Abu Dhabi Falcon කණ්ඩායම සමත් විය.

සහෝදරත්වයේ කුසලානය 2018 තරඟාවලිය තේමාවට අමිල වටිනාකමක් එක්කර දෙමින් ශ්‍රීලාංකීය ජාතියක් ලෙස සිංහළ , දෙමළ , මුස්ලිම් , මැලේ , බර්ගර් යන සියළු ආගම් නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් සහභාගීවීම සහ ඔවුන් තරඟ ජයග්‍රහණය කිරීමේ අභියෝගය වෙනුවෙන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ අයුරු පැමිණි සිටි කාගේත් ඇගයීමට ලක්විය.

මෙහිදී අබුඩාබි ශ්‍රීලාංකීක ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල සේවයක් කරමින් සිටින පෞද්ගලික ආයතනයක කළමණාකරුවෙකු ලෙස සේවය කරන  මැක්සි සේනාධිපති මහතා වෙත සිය මෙහෙය ඇගයීමකට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද , "එතෙර අපි" අබුඩාබි ශාඛාව වෙනුවෙන් ප්‍රධානය කරන ලදී.

තරඟාවලිය සාර්ථකව අවසාන කිරීමට උර දුන් අනුග්‍රාහක AL Fahim ආයතනයට මෙන්ම සියළුම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ටත් "එතෙර අපි" අබුඩාබි ශාඛාව සමඟ පෙළගැසී සිටින එරට  වෙසෙන ආදරණීය ශ්‍රීලාංකීය සහෝදර සහෝදරියන් ඇතුළු "එතෙර අපි" අබුඩාබි ශාඛාවේ සියළුම දෙනාට සිය විශේෂ ස්තූතිය පුද කළහ. අනතුරුව ශ්‍රීලංකාවේ අභිමානවත් ජාතික ගීය වාදනය කිරීමෙන් පසු සමාප්තිය සටහන් විය.


RECOMMEND POSTS