ඩුබායි පොලීසියෙන් ලෝක වාර්තාවක්



ඒ380 ගුවන්යානයක් කඹයක ආධාරයෙන් මීටර් 100කට වඩා වැඩිදුරක් ඉදිරියට ඇදගෙන ගොස් ගිනස් ලෝක වාර්තාවක් තැබීමටඩුබායි පොලිස් නිලධාරීන්56 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

ඩුබායි පොලිස් නිලධාරීන් ලෝකවාර්තාව තැබීමට ඇදගෙන යන ලද ගුවන්යානය ලෝකයේ බරම ගුවන්යානයක් ලෙස සැලකෙන අතර එය ටොන් 302.68ක් බර බව වාර්තා වේ.

ගිනස් ලෝකවාර්තා කමිටුවේ අධ්‍යක්ෂ, හුදා අල්-කසාබා වාර්තාව පිහිටුවීමෙන් පසු ගිනස් සහතිකයඩුබායි පොලිස් ප්‍රධානි, මේජර් ජෙනරාල්, අබ්දුල්ලා කලීෆා අල්-මෙර්රි වෙත පිළිගැන් වු බව වාර්තා වේ.

2011වර්ෂයේදී හොංකොං අන්තර්ජාතික ගුවන්තොටුපලේ ටොන් 218.56ක් බර බෝයිං වර්ගයේ ගුවන්යානයක් පුද්ගලයින් 100කගේ කණ්ඩායමක් ඉදිරියට ඇදගෙන ගොස් ගිනස් වාර්තාව කලින් තබා තිබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.  .

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS