කාන්තාවක කෙළෙසූ ඉරාක ජාතිකයෝ 8 ක් හිරේ



ජර්මන් කාන්තාවක්  ඔස්ට්‍රියාවේදී සමුහ දුෂණයකට ලක්කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ ඉරාක ජාතිකයින් අට දෙනෙකුට එරෙහිව එරට   අධිකරණය වසර 9 සිට වසර 13 දක්වා බැගින්වූ සිර දඩුවම් නියම කර ඇත .

දූෂණයට ලක්වූ ජර්මන් කාන්තාවට වන්දි වශයෙන් යුරෝ 25,000 ක් ගෙවන ලෙසටද අධිකරණය සැකකරුවන්ට නියම කර ඇත.
මෙලෙස සිර දඩුවම් නියමුවූ ඉරාක ජාතිකයෝ වයස අවුරුදු 22 ත් 48ත් වියේ පසු වන්නෝ වෙති.

මෙම ඉරාක චුදිතයින් 2015 වසරේදී ඔස්ට්‍රියාවට සංක්‍රමණය වී ඇත. ඉන් පස් දෙනෙක්ම සරණාගතයන් ලෙස ලෙස පැමිණි පිරිස් වෙති.

මෙම කාන්තා දුෂණ නඩුවේ තීන්දුව ප්රිකාශයට පත් කරන අවස්ථාවේ විඳිත කාන්තාව සහ ස්ත්රීඩ දුෂක ඉරාක ජාතිකයින්ද අධිකරණය තුල සිට ඇත.

තිළිණි ද සිල්වා
බීබීසී ඇසුරෙනි.

 

 


RECOMMEND POSTS