ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට නව තානාපතිවරයෙක්



ඊශ්‍රායලයේ නව ඇමෙරිකන් තානාපතිවරයා ඬේවිඞ් ෆ්‍රෙඞ්මන් යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
ෆ්‍රෙඞ්මන් එම ධුරය වෙනුවෙන් නම් කිරීමෙන් පසු, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය ඒ වෙනුවෙන් ඡන්ද විමසුමක් පැවැත්වීය. එහිදී ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ධුරය ඬේවිඞ් ෆ්‍රෙඞ්මන් ලබා දිය යුතු යැයි 52 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. විරෝධය දැක්වූයේ 46 ක් පමණි.

ඬේවිඞ් ෆ්‍රෙඞ්මන් යනු කලක් ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නීතීඥවරයකු වී සිටි අයෙකි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට සාර්ථක විසඳුමක් සෙවීම ෆ්‍රෙඞ්මන්ගේ ප්‍රධාන අරමුණ වනු ඇතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසිලමට ගෙන යෑමට ට්‍රම්ප් ගෙන ඇති තීරණයට ඬේවිඞ් ෆ්‍රෙඞ්මන්ගේ පූර්ණ සහාය හිමිවී ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජෙරුසිලම පිළිගන්නේ නැත. ඔවුන් අගනුවර ලෙස සලකන්නේ ටෙල් අවීව් නුවරය. වර්තමානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ටෙල් අවීව් නුවරය.

(රොයිටර්)

 


RECOMMEND POSTS