භූමි කම්පාවකින් ඉතාලිය දූපතක් කැළැඹේ



ඉතාලියට බටහිර දෙසින් පිහිටි ‘ඉෂියා’ නමැති කුඩා දූපත භූමි කම්පාවකින් කැළැඹිණි.

භූමි කම්පාවෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 25 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. භූමි කම්පාව හටගත්තේ අලුයම් කාලයේය.

‘ඉෂියා’ සංචාරක දූපතකි. එහි සංචාරක නිකේතක රැසක් පිහිටා ඇතැයි ද වාර්තා වේ. භූමි කම්පාවෙන් දූපතේ නිවාස සහ ගොඩනැගිලිවලට හානි විය. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ විදෙස් සංචාරකයන් සිටින බව ද වාර්තා වේ.

භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් පරිමානයේ ඒකක 4 ලෙසිනි. මීට වසරකට පෙර මධ්‍යම ඉතාලිය අති ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹිණි. එයින් මියගිය ගණන 300 ඉක්මවයි.]

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS