ගූගල් සේවකයෝ පාරට බසිති



රැකියා ස්ථානයේ දී තමන් ලිංගික හිරිහැරවලට ලක්වන බවටත්, බලධාරීන් ඒ සම්බන්ධයෙන් මුනිවත රතින බවටත් චෝදනා නගමින්, ගූගල් සමාගමේ සේවක සේවිකාවෝ විරෝධතාවක නියැලූණහ.

ප‍්‍රධාන විරෝධතාව පැවැත්වූයේ අයර්ලන්තයේ ඩුබ්ලින් නුවරය. ගූගල් සමාගමේ යුරෝපා මූලස්ථානය පිහිටුවා ඇත්තේ ඩුබ්ලින් නුවරය. එහි සේවක සේවිකාවෝ 500 කට වැඩි පිරිසක් වීදි බැස විරෝධතා රැුළියක් පැවැත්වූහ.

ඊට අමතරව, ගූගල් සමාගමේ ලන්ඩන් සහ සිංගප්පූරු ශාඛාවල සේවය කරන සේවක සේවිකාවෝ ද වීදි බැස විරෝධතාවල නියැලූණාහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS