ස්වාමිදුව මරන්න හැදූ ගෘහසේවිකාව අත්අඩංගුවට



සෞදි අරාබියේ ජාසන් ප්‍රෙද්ශයේ නිවසක ගෘහ සේවයේ යෙදීසිටි ඉතියෝපියානු කාන්තාවක් එම නිවසේ ස්වාමිදුව සහ ඇගේ ගැහැණු දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට උත්සහගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ඉතියෝපියානු කාන්තාව විසින් ස්වාමිදුවගේ සහ වයස අවුරුදු 6 සහ 9 පසුවූ දරුවන් දෙදෙනාගේ ඔළු බිත්තියට තදකර දරුණු ලෙස පහරදී ඇත.

සිද්ධිය වන අවස්ථාවේදි මෙවුන් මර හඩින් කෑගසා ඇති අතර අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.  

පහරදීම නිසා අසාධ්‍ය තත්වයෙන් සිටි මෙවුන් තිදෙනා අසල්වාසීන් විසින් ප්‍රතිකාර සදහා රෝහල ගත කර ඇත. 

පහරදීම හේතුවෙන් ඔවුන්ගේ හිස් කබල්වලට හානි සිදුවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු වෙබ් අඩවිටට ප්‍රකාශ කර ඇත.

මේ අතර, ඉතියෝපියානු කාන්තාව සිද්ධියෙන් පසු පළායෑමට උත්සහ දරා ඇති අතර ඇයව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාල අංශ වෙත ඇයව භාරදී ඇත.  

සියළුම සාක්ෂි ගොනු කරගැනීමෙන් පසු මිනි මැරීමට තැත්කිරීමේ චෝදනාව මත ඇයව අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබාදීමට නියමිතයි.  

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS