නවතම ජනමත සමීක්ෂණ අනුව හිලරිට වඩා දැන් ට්‍රම්ප් ඉදිරියෙන්



 

 

 

(රොයිටර්)
ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. නිවුස් පුවත් සේවය ඊයේ (2) නිකුත් කළ නවතම ජනමත සමීක්ෂණවලින් අනාවරණය වූයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපතිධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අභිබවා යෑමට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්වී සිටින බවය.
නවතම සමීක්ෂණ අනුව, ප්‍රතිශතයක් ලෙස ට්‍රම්ප් සියයට 46 ක් ද හිලරි ක්ලින්ටන් සියයට 45 ක් ද හිමි කරගෙන ඇත. මීට දින 9 කට පෙර හිලරි සිටියේ ට්‍රම්ප්ට වඩා දශම 9 ක ඡන්ද ප්‍රමාණයක් ඉදිරියෙන් යැයි ද වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. නිවුස් පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත.
කාන්තාවන්ට නිගරු කරන පුද්ගලයකු යැයි ජනතා අප්‍රසාදයට ලක් වී සිටි ට්‍රම්ප්, අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අභිබවා යෑමට සමත් වූයේ හිලරිට එල්ල වී ඇති ඊමේල් අවභාවිතා චෝදනා නිසාය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ වේලාවෙන් ලබන අට වැනිදාය. ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී, ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යංශය, ඊමේල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම හිලරිගේ දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇත.
ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යංශයේ ප්‍රධානී ජේම්ස් කොමී සහ සෙසු පරීක්ෂකයන් ‘දෙබිඩි පළිවෙතක්’ අනුගමනය කරනවා යැයි හිලරි ක්ලින්ටන් චෝදනා කර තිබේ.
 

RECOMMEND POSTS