ඇමෙරිකන් ජනපතිවරණය: ට්‍රම්ප්ට වඩා හිලරි තරමක් ඉදිරියෙන්



 

 

 

 

USA
ඇමෙරිකාවේ ‘සී.එන්.එන්.’ පුවත් නාළිකාව මගින් කළ නවතම සමීක්ෂණයට අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා තරමක් ඉදිරියට පැමිණීමට ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සමත් වී සිටී.
නියුමෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් හිලරි ඉකුත් සතියේ තෙදිනක කාලයක් මැතිවරණ කටයුතුවලින් විවේක ගත්තාය. එම කාල සීමාවේ ට්‍රම්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබුණි. කෙසේ නමුත් ගිලිහී ගිය ජනතා මනාපය යළි දිනා ගැනීමට හිලරි ඊයේ (19) වනවිට සමත් වී සිටි බව ‘සී.එන්.එන්.’ පුවත් නාළිකාව පෙන්වා දී තිබුණි.
නිව්යෝක් නුවර බෝම්බ පිපිපිරීම සහ එහි ප්‍රධාන සැකකරු ලෙස ඇෆ්ගන් ජාතික 28 හැවිරිදි අහ්මද් ඛාන් රහාමී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද හිලරි සහ ට්‍රම්ප් විශේෂ ප්‍රකාශ ද නිකුත් කර තිබේ.
අපේක්ෂකයන් දෙදෙනාම අවධාරණය කර ඇත්තේ ජාතික ආරක්ෂාවට මුල් තැන දිය යුතුයි කියාය. හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අතර, ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.
ට්‍රම්ප් සිය මැතිවරණ රැළිවලදී දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ඉස්ලාමීය සංක්‍රමණිකයන් හෝ සරණාගතයන් ඇමෙරිකාවට පැමිණීම වහා නැවැත් විය යුතු බවටය. තමා ජනපති වුවහොත් නීතිවිරෝධීව ඇමෙරිකාවට පැමිණ සිටින සියලුම සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරන බව ද ට්‍රම්ප් පවසා ඇත.
ඩිමොක්‍රටික් පක්ෂය සහ හිලරි ක්ලින්ටන් සංක්‍රමණිකයන් සහ සරණාගතයන් වෙනුවෙන් දරන්නේ ලිහිල් ප්‍රතිපත්තියකි. කෙසේ නමුත් ඇමෙරිකාවේ ආරක්ෂාවය තර්ජනයක් වන කිසිම කෙනකුට කිසිදු සමාවක් ලබා නොදෙන බව හිලරි ක්ලින්ටන් අවධාරණය කර තිබේ.

RECOMMEND POSTS