හිලරිගේ ඊ මේල් හුටපටය දිග් ගැස්සෙයි



අධිකරණ නියෝගයකට අනුව, එෆ්.බී.අයි. පරීක්ෂකයන් විසින් අනාවරණය කර ගන්නා ලද ජනපතිධුර අපේක්ෂිකා ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ගේ ඊ මේල් 357 ක් ප්‍රසිද්ධියට පත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර ඇත.
මෙසේ ඇමෙරිකන් ජනතාවට ප්‍රසිද්ධ කරනු ලැබුවේ ඊමේල් 15,000 ක් අතරින් 357 ක් යැයි ද වාර්තා වේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ කළේ ඇමෙරිකාවේ තොරතුරු දැනගැනීමට ඇති නිදහස් අයිතිය යටතේය.
ඇමෙරිකන් ජනපතිවරණයට ඇත්තේ තව දින පහක් තරම් කාලයකි.  හිලරි ක්ලින්ටන්ගේ ඊ මේල් අවභාවිතාව සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂකයන් ආරම්භ කළ එම පරීක්ෂණ සහ සිදුකළ අනාවරණ හේතුවෙන් හිලරිගේ ජනප්‍රියත්වය අඩු වී ඇති අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇත.
හිලරි ක්ලින්ටන් 2008 වසරේ දී ජනාධිපති ඔබාමාගේ රජයේ රාජ්‍ය ලේකම්වරිය වූවාය. එම අවස්ථාවේදී ඇය රාජ්‍ය රහස් ඇතුළත් රාජකාරී ඊමේල් සියල්ල ඇගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ගෙන්වා ගෙන ඇත. මෙය බරපතළ වරදකි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS