ගාසා යළි ගොඩනගන්න බිලියන 30 ක් 40 ක් යනවා



ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ වැනසුණු ගාසා තීරය යළි ගොඩනැගීමට නම් ඇමෙරිකන් ඩොලර් බිලියන 30 ත් 40 ත් අතර මුදලක් වැය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

සංවර්ධන කටයුත්තක් සඳහා මෙතරම් විශාල මුදලක් ඇස්තමේන්තු ගතකර ඇත්තේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යැයි ද පැවැසෙයි. 

‘ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයට සිදුවුණු හානිය වචනයෙන් විස්තර කරන්න බැහැ. නිවාස, පාසල්, රොහල් ආදී සියල්ල සුන්බුන් වෙලා’ යැයි එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකස් අබ්දුල්ලා අල් දර්දාරි පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS