එමිරේට්ස් රාජ්‍යයට යළි මහ වැසි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇත. මහ වැසි හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමටත්, පාසල් සහ ඇතැම් රජයේ සහ පෞද්ගලික කාර්යාල වසා දැමීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.

මහ වැසි සමඟ අකුණු කුණාටු සහ සුළි සුළං තත්ත්වයක් ද දකින්න ලැබෙන බව පැවැසෙයි. මිලිමීටර් 50 ට වැඩි මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ඩුබායි නගරයේ ස්ථාන කීපයක් මහ වැසි නිසා ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි. මහ වැසි නිසා අවලංගු කළ ගුවන් ගමන් ගණන 13 කි. ඩුබායි බලා පැමිණෙන ගුවන් යානා බොහොමයක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීම සිදුවිය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS