ගුවන් යානයක් අනු නවයෙන් බේරෙයි



ඩුබායි නුවර සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දක්වා පියාසර කළ ගුවන්යානයක ටයරයක් පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් ගුවන් සමාගම අයත් EK430 ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගුවන්තොටුපොලට ආරක්ෂිතව ගොඩ බැස්ස වීමට ගුවන් නියමුවා සමත් වී ඇත.

ටයරය පුපුරා යාමෙන් ගුවන් යානයේ බඳ කොටසේ සිදුරක් සෑදී ඇති බව

ඡායාරූප සහිතව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය.

EK430 ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වූ බව නිවේදනයක් නිකුත් කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS