සතියකින් බිම්බෝම්බ 935ක් ඉවත් කරලා



සෞදි අරාබිය යේමනයේ බිම්බෝම්බ 935ක් සතියක් තුළ ඉවත් කර ඇති බව වාර්තා වේ.

පුපුරා නොගිය බෝම්බ 876ක්, යුධ ටැංකි නාශක බෝම්බ 47ක්, පුද්ගල නාශක බෝම්බ හතක් සහ වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පහක් විනාශ කිරීමට කටයුතු කර ඇත.

යේමනයේ හවුති සටන්කාමීන් වළලන ලද පුපුරණ ද්‍රව්‍ය ළමයින්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු සිවිල් වැසියන්ට තර්ජනයක් වී ඇත.

මාරිබ්, ඒඩන්, ජෝෆ්, ෂබ්වා, ටයිස්, හෝඩෙයිදා, ලහිජ්, සනා, අල්-බයිඩා, අල්-ධාලේ සහ සාදා යන ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු විය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන (Masam ව්‍යාපෘතිය) 2018 වර්ෂයේදි ආරම්භ කළ අතර, ආරම්භයේ සිට මේ දක්වා බිම් බෝම්බ 440,067 ක් ඉවත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews - රියාද් නුවර)

RECOMMEND POSTS