රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන්



ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි.

එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇතැයි පැවැසෙයි.

මේ අතර ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායලයෙන් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් තිදෙනකු මියගිය බව ද පැවැසෙයි. එම තිදෙනාගෙන් දෙදනකු විදේශිකයන්ය.

මේ වනවිට ඊශ්‍රායල හමුදාවට ඔවුන්ගේ සිරුරු හමුවී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS