සෞදි අධිකරණ ඇමති බ්‍රසීලයේ



බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මැයි 12-14 දක්වා පැවති ජී20 ශ්‍රේෂ්ඨාධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය උසාවි සමුළුවට සෞදි අධිකරණ අමාත්‍ය ආචාර්ය වලිඩ් අල්-සමානි සහභාගී වී ඇති බව වාර්තා වේ.

අධිකරණ කටයුතුවලට නවීන තාක්ෂණය (කෘතිම බුද්ධිය) යොදාගන්නා ආකාරයි පිළිබඳව මෙම සමුළුවේදි විශේෂයෙන් සාකච්ඡා කර ඇත.

පළමු දින සැසිය "සමානාත්මතාවය, ආර්ථික ස්වාධීනත්වය සහ රැකවරණ ආර්ථිකය" ලෙස ද, දෙවන සැසිවාරය "සමානාත්මතාවය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට හා වෙනස් කොට සැලකීමට මුහුණ දීම" ලෙස නම් කර ඇත.

මෙම දේශනයන්ට අමතරව, අධිකරණ කටයුතුවලට සම්බන්ධ සාමාජයට වැදගත් වන කරුණු ගණනාවක් සමුළුවේදි සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnews  - රියාද් නුවර)

RECOMMEND POSTS