හිලරිගේ අවසන් රැළියටත් ඔබාමා එනවා



ඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ අවසන් ජන රැලිය ලබන 7 වැනිදා පිලිඩෙල්පියාහිදී පැවැත්වෙයි. මෙම අවසන් රැලියට ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ද සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය පවසයි.
ඔබාමා පමණක් නොව, ආර්යාව මිෂෙල් ද පවසා ඇත්තේ තම සහාය හිලරිට ලබා දෙන බවය. ඔබාමා සිය ඡන්දය වේලාසනින්ම ප්‍රකාශ කළ අතර ඔහු හිලරි ක්ලින්ටන්ට ඡන්දය ලබා දෙන්න ඇතැයි බොහෝ දෙනා පවසයි.
ඔබාමා යුවලට අමතරව, හිලරි ක්ලින්ටන්ගේ සැමියා මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන බිල් ක්ලින්ටන් සහ දියණිය ද පිලිඩෙල්පියාහි පැවැත්වෙන එම ජන රැලියට සහභාගී වීමට නියමිතය.


RECOMMEND POSTS