හිලරි ආයෙත් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන්



 
 (රොයිටර්)
ඇමෙරිකන් ජනපතිවරණයේ ජය කාටදැයි අනාවැකි පළ කරන වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. පුවත් සේවා සිදුකළ නවතම ජනමත සමීක්ෂණයට අනුව ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සියයට 47 ක් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට 43 ක් ද හිමි කර ගනු ඇතැයි පැවැසෙයි.
ජනමත සමීක්ෂණ අනුව ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් මාධ්‍ය රැසක් අනාවැකි පළ කරන නමුත් එයින් ප්‍රමුඛත්වයේ සිටින්නේ වොෂින්ටන් පෝස්ට් ඒ.බී.සී. පුවත් ජාලයයි.
පසුගිය සතිය ආරම්භයේදී වොෂින්ටන් පෝස්ට් ඒ.බී.සී. පුවත් සේවය පවසා තිබුණේ ට්‍රම්ප් හිලරිට වඩා ඉදිරියෙන් සිටින බවය. පසුගිය සිකුරාදා වෙද්දී වොෂින්ටන් පෝස්ට් ඒ.බී.සී. පුවත් සේවය පැවැසුවේ දෙදෙනාම සියයට 45 බැගින් ලබා ගෙන සිටින බවය. දැන් එම තත්ත්වය යළි වෙනස් වී, ට්‍රම්ප් අභිබවා යෑමට හිලරිට හැකි වී ඇති බව පෙනී යයි.

RECOMMEND POSTS