ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දින 100 ක සැලැස්මක්



 

 (රොයිටර්)
මීළඟ ජනපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළොත්, ප්‍රථම දින 100 තුළ කිරීමට බලාපොරොත්තුවන කාර්යයන් මොනවාදැයි, රිපබ්ලිකන් ජනපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (22) ඇමෙරිකානුවන්ට හෙළි කළේය.
ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ගෙන් ට්‍රම්ප්ට විශාල අභියෝගයක් එල්ල වී ඇති අතර, ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇති පරිදි, ට්‍රම්ප් සිටින්නේ හිලරි ක්ලින්ටන්ට පසුපසිනි.
ට්‍රම්ප් සිය දින 100 දී කරන කාර්යයන් ගැන ජනතාවට ප්‍රකාශ කළේ ගේට්ස්බර්ග්හිදීය. තමා ජනපති ධුරයට පත් වුවහොත්, ඇමෙරිකන් වැසියන්ට පැහැදිලි වෙනසක් දකින්න ලැබෙනු ඇතැයි ද ට්‍රම්ප් ගේට්ස්බර්ග්හි පැවැති රිපබ්ලිකන් රැලියේ දී කියා සිටියේය.


RECOMMEND POSTS